උසාවි දාන්න තිබුණු වල් ඌරු මස් කිලෝ 50න් 45ක් oic බයිට් එකට අරන්

වැටළීමකදී අත්අඩංගුවට ගත් වල්ඌරු මස් කිලෝ 50ක් වෙනුවට නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට වල්ඌරු මස් කිලෝ 05ක් පමණක් ඉදිරිපත් කර, ඉතිරි කිලෝ 45 පොලිසියේ සාදයකට ගැනීමක් සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසියේ දූෂණ මර්දන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් මෙම පියවර ගෙන ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ නිලධාරියා රාජකාරියේ නිරතව සිටියදී ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් සමඟ පරදූව වතුයායට ගොස් විදුලි උගුලක් අටවා මරාදමා තිබුණු වල් ඌරකුගේ මස් කිලෝ 50ක තොගයක් සමග පුද්ගල‍යකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මස් තොගය පොලිස් ස්ථානයට රැගෙන විත් සැකකරු සමඟ අධිකරණයට කිලෝ 05ක පමණ ප්‍රමාණයක් ඉදිරිපත් කර සෙසු මස් තොගය පොලිසියේ නිලධාරියකු වෙනුවෙන් පැවැත්වූ සාදයකට යොදා ගෙන ඇති බවට වාර්තා වී තිබෙනවා.

නඩු භාණ්ඩ සාවද්‍ය පරිහරණය, වංක ලෙස හෝ වංචනික ලෙස සැඟවීම හෝ ඉවත් කිරීම යන චෝදනා යටතේ මේ නිලධාරියාට එරෙහිව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරීමට පියවර ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් අප කළ විමසිමකදී සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *