ඉන්දියාවේ සිට මුහුද හරහා මෙරටට ඉන්ධන රැගෙන ඒමට යෝජිත නළ මාර්ගය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ, විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර සහ අයි.ඕ.සී. සමාගමේ නිලධාරීන් අතරයි.
නාගපට්නම් සිට ත්‍රිකුණාමලය තෙල් ටැංකි හරහා කොළඹ දක්වා මෙම නළ මාර්ගය ඉදිකිරීමට යෝජනා වී තිබෙනවා.
ඉන්දීය බලශක්ති සතියට සමගාමීව පැවති මෙම සාකච්ඡාවට එල්.අයි.ඕ.සී., ලංකා ඛනිජතෙල් සංස්ථාවේ මෙන්ම ඛනිජතෙල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරුන්ද එක්ව සිටි බව එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා.