31 රෑ ඉන්ධන මිල පහළට යයි

මාසිකව ක්‍රියාත්මක වන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලෙහි අඩුව විය හැකි බවට තොරතුරු වාර්තා වනවා.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින්, ඇතැම් වෙබ් අඩවි මේ බව සඳහන් කළා.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම මීට හේතුවන වන බව සඳහන්.

මාසික මිල සූත්‍රයට අනුව පසුගිය මාසයේ දී ඉන්ධන මිලෙහි සුළු අඩු වීමක් සිදු වුණා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් සිදු වූයේ නැහැ.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 09කින් අඩු වූ අතර එහි වත්මන් මිල වන්නේ රුපියල් 447ක්.

රුපියල් 10කින් සුපර් ඩීසල් මිල අඩු කිරීමට පියවර ගත් අතර එහි වත්මන් මිල රුපියල් 458ක් වනවා.

භූමිතෙල් මිල රුපියල් 05කින් අඩු කෙරුණා.

ඒ අනුව එහි වත්මන් මිල රුපියල් 257ක්. ඉන්ධන මිල සූත්‍රයට අනුව මිල සංශෝධනයක් අප්‍රේල් මස පළමු සතියේ දී සිදුවිය හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *