මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව මෙවරත් ඉන්ධන මිල පහත හෙළා තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 335ක්.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් මිලේ වෙනසක් සිදුව නැහැ.
ලංකා ඔටෝ ඩීසල් මිල ද රුපියල් 06කින් අඩු කර තිබෙනවා.
එහි නව මිල රුපියල් 277ක්.
සුපර් ඩීසල් මිල පහත දැමීම සිදු කර නොමැති අතර භූමිතෙල් මිල ද රුපියල් 05කින් අඩු කර තිබෙනවා.
ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 180 ක් ලෙසටයි දැක්වෙන්නේ.