ඉන්ධන උතුරා යන තෙක් පිරවූ යතුරුපැදියක් ගිනිගෙන විනාශ වෙයි

ඉන්ධන හිඟයක් ඇතිවනු ඇතැයි පැතිර ගිය කටකතා හේතුවෙන් හපුතලේ ප්‍රදේශයේ තරුණයකු සිය යතුරුපැදියේ ටැංකිය උතුරා යන තෙක් ඉන්ධන පුරවාගෙන යාමේදී එය ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව හපුතලේ පොලිසිය පවසයි. ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගෙන මීටර් කිහිපයක් යන අතරතුර මෙම ගින්න හටගෙන ඇති අතර, වාසනාවකට මෙන් යතුරුපැදිකරු තුවාල නොලබා බේරී තිබේ.

රටේ පවතින ඉන්ධන තොග ප්‍රමාණවත් බැවින් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත්, ඉන්ධන පිරවීමේදී නිසි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසත් පොලිසිය ජනතාවට දැඩිව අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *