හෙට තෙල් හිඟයක් – තෙල් බෙදුම්කරුවන්ගෙන් අනාවරණයක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ලබාගැනීම සඳහා මුදල් ගෙවීමට දී තිබූ කාලය අද (06) උදෑසන 10ට සීමාකිරීම නිසා හෙට(07) දිනයේ ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩකඩ ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන් කියා සිටියි.

එම සංගමය පෙන්වා දෙන්නේ ඉන්ධන පිරවුම්හල් හිමියන්ට මේ හේතුවෙන් අද දිනයට අවශ්‍ය ඉන්ධන තොග ඇනවුම් කර ගැනීමට නොහැකි වූ බවය. උදෑසන දහයට පෙර ඉන්ධන ඇනවුම් කිරීමට සියලුම පිරවුම්හල් හිමියන්ට අවස්ථාවක් නොමැති බව ඔවුන් කියා සිටියි.

මේ හේතුවෙන් අද දිනයේ ඇතිවන ඉන්ධන හිඟයට තම සංගමය ඇතුළු පිරවුම්හල් වග නොකියන බව ද බෙදුම්කරුවන් පෙන්වා දෙයි.

ඉන්ධන අලෙවිය සීග්‍ර ලෙස පහත වැටීම නිසා ඉන්ධන සඳහා උදෑසන 10ට පෙර මුදල් තැන්පත් කිරීමට බෙදුම්කරුවන්ට අපහසු බැවින් බෙදුම්කරුවන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් චෙක්පත් පහසුකම ඉල්ලා තිබේ.

නමුත් ඔවුන් කියා සිටින්නේ සංස්ථාව මේ දක්වා ඒ වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *