online මුදල් හුවමාරු කිරීමේදී අයවන අමතර මුදල රුපියල් 05කින් පහළ දමයි


මාර්ග ගත ක්‍රමය ඔස්සේ (online) මුදල් හුවමාරු කිරීමේදී තම ගිණුමෙන් අයවන අමතර මුදල රුපියල් පහකින් අඩු කර තිබේ.

ඒ අනුව නව ගාස්තු සංශෝදනයත් සමග මාර්ග ගත ක්‍රමය ඔස්සේ (online) මුදල් හුවමාරු කිරීමේදී තම ගිණුමෙන් අයවන මුදල රුපියල් 25ක් වේ.

මීට පෙර ගිණුමක ඇති මුදලක් වෙනත් බැංකුවක ඇති ගිණුමක් වෙත යැවීමේදී එලෙස මුදල් යවන පුද්ගලයාගේ ගිණුමෙන් රුපියල් තිහක අමතර මුදලක් අදාළ බැංකුව විසින් අය කෙරිණි.

මෙම සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දිනවලදී සාකච්ඡා පවත්වා තිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම පියවර ගෙන තිබේ.

ඩිජිටල් ගනුදෙනු කිරීමේදී ජනතාවට යම් සහනයක් සැලසීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *