දශක හයකට අධික කාලයකට පසු පූර්ණ නවීකරණයකට ලක් කෙරුණු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ මෙහෙයුම් කටයුතු හෙට (අප්‍රේල් 08) සිට නිල වශයෙන් ආරම්භ කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා නිවේදනය කරයි.
දීර්ඝ කාලයක් තිස්සේ නිසි නඩත්තුවක් නොමැතිව පැවති මෙම මධ්‍යස්ථානය, නවීන පහසුකම් සහිතව යළි විවෘත කිරීම මගී ජනතාවට මහත් සහනයක් වනු ඇත.