විපක්ෂය විසින් බලය තහවුරු කරගනු ලැබූ පලාත් පාලන ආයතනවල සේවක පඩි නඩි ගෙවීම මේ වනවිට ප්‍රශ්නයක් වී ඇති බව, ඉරිදා ලංකාදීප පුවත්පත සිය මුල් පුවත ලෙස වාර්තා කර තිබේ.
ඊට හේතුව වී ඇත්තේ, පලාත් පාලන ආයතනවල සේවක පඩිනඩි ගෙවීමේ දී රජය එහි මුළු වැය බර නොදැරීමයි.
නගර සභාවක නම්, සේවක පඩි නඩි ගෙවීමේ දී රජයෙන් ලබා දෙනු ලබන්නේ 60%ක ප්‍රතිශතයක් පමණි. ඉතිරි 40% නගර සභාව විසින් උපයා ගනු ලබන ආදායමෙන් පියවිය යුතුය.
ප්‍රාදේශීය සභාවක දී නම්, සේවක පඩි නඩි වෙනුවෙන් රජය 80% ක ප්‍රතිපාදන ලබා දෙන අතර, ඉතිරි 20% සභාවේ ආදායමෙන් ප්‍රතිපූරණය කර ගත යුතුය.
මේ අනුව, විපක්ෂයට බලය ගිය ආදායම් අඩු ප්‍රාදේශීය සභා අර්බුදයකට මුහුණ දී ඇති බවයි පුවත්පත පවසන්නේ.
ලග්ගල, පල්ලේගම සහ අඹන්ගහ කෝරළයේ ප්‍රාදේශීය සභා දෙකක් මේ ප්‍රශ්නයට මුහුණ දී ඇතැයි, තිස්ස අත්තනායක පවසා තිබේ.