කෙහෙල්බද්දර පද්මේට චිත්‍රපටියකට ප්‍රසිද්ධ නිළියක් ආරාධනා කළ ඇති බව හෙළි වෙයි

ඩුබායි හි පැවති සිංහල අලුත් අවුරුදු උත්සවයකදී කෙහෙල්බද්දර පද්මේ හඳුනාගත් ශ්‍රී ලංකාවෙන් ගිය එක්තරා ප්‍රසිද්ධ නිළියක් චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීමට ඔහුට යෝජනාවක් කර ඇති බවට තොරතුරක් ලැබුණු බව පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම තොරතුර සනාථකර ගැනීම සඳහා අදාළ නිළියගෙන් ප්‍රකාශයක් ලබාගත යුතුව ඇතැයි ද එම පොලිස් නිලධාරියා සඳහන් කළේය.

එහෙත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසුවේ මෙම කතාබහ පිළිබඳව කෙහෙල්බද්දර පද්මෙගෙන් ප්‍රශ්න කරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *