රාජ්‍ය උත්සවවලට රතු පලස එපා – පකිස්තාන අගමැතිගෙන් නියෝගයක්

රට තුල පැවැත්වෙන නිල උත්සවවලදී රතු පලස් භාවිත කිරීම තහනම් කරන ලෙස පකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් එරට නිලධාරීලන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ෆෙඩරල් අමාත්‍යවරුන් සහ රජයේ උසස් නිලධාරීන් සහභාගී වන උත්සව සඳහා රතු පලස් එලීම නිශ්පල ක්‍රියාවක් බවයි.

ඒ අනුව පකිස්තානයේදී පැවැත්වෙන රාජ්‍ය උත්සව අවස්ථාලවලදී ඉදිරියේදී රතු පලස් භාවිත කරනු ලබන්නේ විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හෝ විදෙස් රාජ්‍ය නායකයින් පැමිණෙන අවස්ථාවලදී පමණක් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *