අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු වන විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමේදී සිදු වන ප්රමාදයන් පිළිබඳ කනගාටුව ප්රකාශ කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය ප්රකාශ කරයි. ආපදා තත්ත්වයන් යටතේ ඇතැම් ප්රදේශවල බෙදාහැරීම් වෝල්ටීයතා විදුලි රැහැන් මාර්ග විශාල ප්රමාණයක් මෙන්ම ට්රාන්ස්ෆෝමර් මතට පවා ගස් කඩාවැටී විදුලිය බිඳවැටී ඇති බව එම නිවේදනයේ දක්වා ඇති අතර,
බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීම සඳහා උපරිමයෙන් කටයුතු කරන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය නිකුත් කළ නිවේදනයේ දක්වා ඇති අතර ඒ සඳහා සහය දෙන ලෙසත් ඉල්ලා ඇත.
කඩාවැටී ඇති විදුලි රැහැන් කිසි ලෙසකින් වත් ස්පර්ශ නොකරන ලෙස දන්වා ඇති අතර, ලංවිම සේවකයන්ගේ රාකාරියට බාධා වන අයුරින් කටයුතු නොකරන ලෙසද සංගමය ඉල්ලා සිටී.
එමෙන්ම පවතින දුරකතන මාර්ග තදබදය හේතුවෙන් සියලු දුරකතන ඇමැතුම්වලට ප්රතිචාර දැක්වීමට නොහැකි බවත්, පවතින සීමිත සේවක සංඛාව ඇසුරින් අපේක්ෂිත ඉක්මන් සේවාවක් සැලසීමට කැප වී කටයුතු කරන බවත් ඔවුන් වැඩිදුරටත් දන්වා ඇත.
සුභාෂිණී සේනානායක, රක්ෂණ ශ්රියන්ත