ත්‍රිකුණාමලය පරෙවි දූපත නැරඹීම සඳහා මේ දිනවල විශාල වශයෙන් දෙස් විදෙස් සංචාරකයෝ පැමිණෙන බව දූපත භාර නිලධාරි මොනරතැන්න මහතා අප සමග පැවසීය.
සුන්දරත්වයෙන් සපිරි අපේ රටේ ඇති වටිනාම ජාතික උද්‍යානය ලෙස නමක් දිනාගෙන ඇති පරෙවි දූපත හෙක්ටයාර් 471.5ක් බිම් ප්‍රදේශයක් පුරා විහිදී ඇත. විශේෂයෙන්ම දුර්ලභ කොරල්පර මේ දූපතේ දී ඔබට දැකබලා ගැනීමට පුළුවන.