පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උදෙසා වෙන්ව තිබූ විශ්‍රාම වැටුප නතර කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් හිටපු ජනතා නියෝජිතයන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව අවධාරණය කරයි.
එම සංගමයේ ලේකම් ප්‍රේමසිරි මානගේ මහතා පෙන්වා දෙන්නේ මෙම නව නීතිමය තත්ත්වය මත හිටපු මන්ත්‍රීවරුන් 300ක් පමණ සහ ඔවුන්ගේ සහකාරයන් (බිරිඳ හෝ සැමියා) 200කට ආසන්න පිරිසකගේ ජීවනෝපාය අහිමි වී ඇති බවයි.
විශේෂයෙන්ම මෙම දීමනාවෙන් යැපුණු ආබාධිත දරුවන් කිහිප දෙනෙකු ද ඇතුළුව විශාල පිරිසක් මේ වන විට අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවත්, ඔවුන් නිරන්තරයෙන් තම සංගමය වෙත සිය දුක්ගැනවිලි ඉදිරිපත් කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම තත්ත්වයට විරෝධය පළ කිරීම සඳහා ආධ්‍යාත්මික වතාවත්වල නිරත වීමට මන්ත්‍රී එකමුතුව තීරණය කර ඇත. ඒ අනුව රජයට එරෙහිව පොල් ගැසීම සහ දේව කන්නලව් පැවැත්වීම මාතර දිස්ත්‍රික්කය මුල් කරගනිමින් ලබන සතියේදී ආරම්භ වේ. දිවයින පුරා සෙසු ප්‍රදේශ කරා ද මෙම විරෝධතා ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමට නියමිතය.
විශ්‍රාමික මන්ත්‍රීවරුන් බහුතරයකගේ එකඟතාවය මත ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ විශ්‍රාම වැටුප් කප්පාදුව හරහා තමන් මුහුණ දී ඇති අසාධාරණයට එරෙහිව හඬක් නැගීම බව ප්‍රේමසිරි මානගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.