සාමාන්‍ය ජනතාව සේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇති බවත්, ඔවුන් වෙනුවෙන් කිසිදු විශේෂ සැලකිල්ලක් මෙතෙක් හිමිව නොමැති බවත් විපක්ෂ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
මන්ත්‍රීවරයා තවදුරටත් සදහන් කළේ ආරක්ෂක අංශ මඟින් හෝ වෙනත් කිසිදු මූලාශ්‍රයකින් තමන්ට විශේෂිතව ඉන්ධන ලබා නොදෙන බවයි.