ජනාධිපති අරමුදල ගමට – පළමු ගෙවීම පස්ගොඩ හදවත් රෝගීයෙකුට

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ වූ පළමු ගෙවීම අදාළ වෛද්‍යාධාරලාභී රෝගියා වෙත චෙක් පතක් මඟින් පරිත්‍යාග කිරීම ඊයේ (14) දින පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් දර්ශන වර්ණප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ඒ අදාළ වෛද්‍යාධාරලාභී රෝගියාගේ නිවසේ දී ය.

පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් ජනාධිපති අරමුදලෙන් වෛද්‍යාධාර ඉල්ලුම් කරන රෝගීන්ගේ අයඳුම්පත් සහ ඊට අදාළ ලිපි ලේඛන දත්ත පද්ධතියට ඇතුළත්කර ජනාධිපති අරමුදල වෙත නව තාක්ෂණය ඔස්සේ යොමු කරන ඇත. ඒ අනුව ජනාධිපති අරමුදල වෙත යොමු කරන ලද අයඳුම්පතකට අදාළව ශ්‍රී ලංකාවේ පළමු ගෙවීම් කටයුතු සිදු කරන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලෙස පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනාධිපති අරමුදල විසින් තෝරාගෙන තිබේ.
පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මොලොග්ගමුව උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පදිංචි 500325 ගොනු අංකයට අදාළව හෘද සැත්කමක් වෙනුවෙන් මූල්‍යාධාර ඉල්ලුම් කළ රෝගියා සඳහා ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ලබා දීම සිදු කරන ලදි.

කොළඹට පමණක් සීමා වී තිබූ ජනාධිපති අරමුදලේ කාර්යාලයීය සේවා සැපයීම ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සංකල්පයක් අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සිදු කිරීමේ වැඩසටහනට සමගාමීව ජනාධිපති අරමුදල ප්‍රාදේශීය මට්ටමින් සේවා සැපයීම පෙබරවාරි 07 වැනිදා සිට ආරම්භ කරන ලද අතර එහි දී නව තාක්ෂණය හා ජාලකරණය මඟින් ජනාධිපති අරමුදලේ සේවාව ජනතාව සමීපයටම ගෙන ඒමට කටයුතු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *