පාඨලීගේ අපේක්ෂකයින් කොළඹ නගරසභාවේ එකම සභික ධූරයට ගැටුමක

චම්පික රණවකගේ දේශපාලන නායකත්වය යටතේ ඇති එක්සත් ජනරජ පෙරමුණ කොළඹ නගරසභාවට තරගවැදී දිනා ගත් එකම සභික ධූරය බෙදා ගැනීමට නොහැකිව අපේක්ෂකයින් අතර මේ වනවිට කුලල්කා ගැනීමක් සිදුවෙමින් ඇතැයි වාර්තා වේ.

මෙම ගැටුමට හේතු වී ඇත්තේ අපේක්ෂක ධූරය සඳහා සභිකයින් තෝරා ගැනීමේ දී වැඩිම ඡන්ද ප්‍රතිශතය ලබා ගත් අපේක්ෂකයා වෙනුවට පක්ෂ නායකත්වයට පුද්ගලිකව හිතවත්කමක් සහිත පුද්ගලයෙක් නම් කිරීම බව පක්ෂ ආරංචි මාර්ග කියයි.

මේ වනවිට චම්පික රණවකගේ දේශපාලන අවලංගුභාවය ප්‍රකාශ කෙරෙමින් කොළඹ නගර සභාවෙන් ඔහුගේ පක්ෂය ලබා ගන්නා සමස්ථ ඡන්ද ප්‍රමාණය 2,157කි. ප්‍රතිශතය සියයට 1ක්වත් නැත. එය 0.97%කි.

ඡන්දයේ දි ජාතික ජන රජ පරමුණ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබුනේ හුනුපිටිය කොට්ඨාසයෙනි. ඡන්ද 274යි සියයට 8.3යි. දෙවැනි ස්ථානයේ තිබුනේ කොටුව කොට්ඨාසය ය. එය ප්‍රතිශතයක් ලෙස සියයට 4.7කි.

එසේ තිබිය දි ඡන්ද 115ක් පමණ රැගෙන ඡන්ද ප්‍රතිශතය ලෙස සියයට 4ක් පමණක් වාර්තා කළ සභිකයා වෙත සිය පක්ෂයේ මන්ත්‍රී ආසනය පිරිනැමීමට පක්ෂ නායකත්වය තීරණය කිරීම මතු වූ කලබැගෑනියට මූලික හේතුව වී ඇත.

පක්ෂයේ නගරසභා අපේක්ෂකයාටවත් නොදී සිය කෙසෙල්වත්තේ හිතවතාට සැලකීමට විරෝධය පලකරමින් චම්පික රණවකගේ කොළඹ කණ්ඩායම අද ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමට සැරසෙන බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *