සමගි ජන බලවේගයට ආයේ ජනාධිපති ඡන්දයකට එන්න බෑ – පාඨලී කියයි

ප්‍රධාන පක්ෂ සියල්ල මේවන විට කඩා වැටී අවසන් බවත් සමගි ජනබලවේගයේ අවසන් ජනාධිපතිවරණය පසුගිය ජනාධිපතිවරණය බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කීය.

මහනුවර නුගවෙල තිළිණ උත්සව ශාලාවේ අද (04) වන දා සවස පැවැති පාක්ෂික හමුවක දී ඒ මහතා එසේ කීය.

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජනරජ පෙරමුණෙන් තරඟ කිරීමට අපේක්ෂිත අපේක්ෂක අපේක්ෂිකාවන් දැනුවත් කිරිම සඳහා මෙම  හමුව සංවිධානය කර තිබිණ‍

හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ධනුෂක මල්වැව මහතා විසින් සංවිධානය කර තිබූ මෙම හමුවේ දී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

1948  ඉඳලා මෙරට තිබුණ ප්‍රධාන සාම්ප්‍රදායික  පක්ෂ සියල්ල මේ වන විට බිඳ වැටී තිබෙනවා.  එක්සත් ජාතික පක්ෂ විශාල වශයෙන් බිඳ වැටිලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බි ඳ වැටිල තියෙනවා. සමඟි ජන බලවේගය බිඳ වැටෙමින් තිබෙනවා. සමගි ජන බලවේගයේ අවසන්  ජනාධිපතිවරණය තමයි පසුගිය මැතිවරණය මින් පස්සේ ඔවුන්ට ජනාධිපතිවරණයකට එන්න වෙන්නේ නෑ.  ඔය විදිහට සාම්ප්‍රදායික පක්ෂ කඩා වැටෙද්දී අරගලය නිසා ජාතික ජන බලවේගයට බලයට එන්න පුළුවන් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *