සංචාරකයන්ගේ විනෝදයට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පැටෙල් ට්‍රොලි එයි

සංචාරකයින්ට විනෝදාස්වාදය සඳහා අනුරාධපුර හා මිහින්තලය අතර පීලී මත දුවන පැටෙල් ට්‍රොලි (Patel Trolley) හදුන්වා දීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මෙම ව්‍යාපෘතිය ලබන මස සිටම ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

මේ සදහා අනුරාධපුර මිහින්තලය අතර දුම්රිය මාර්ගය යොදාගැනීමට තීරණය කළේ, එම මගෙහි දුම්රිය ධාවනය කෙරෙන්නේ පොසොන් උත්සව සමයට පමණක් බැවින් යැයි හෙතෙම සදහන් කළේ ය.

පැටෙල් ට්‍රොලියක ගමන් කිරීමට මුදලක් අයකෙරන බවත් එමගින් දුම්රිය දෙපාර්තමේන්තුවට අමතර ආදායමක් ලැබෙනු ඇතැයි ද දුම්රිය සාමාන්‍යධිකාරී සඳහන් කළේ ය.

ලොව වෙනත් රටවල ක්‍රියාත්මක මෙම ට්‍රොලි සේවය සංචාරකයන් අතර ඉමහත් සේ ජනප්‍රිය ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *