පැතුම් ශ්‍රී ලංකාවේ ආක්‍රමණශීලී බව ලෝකයටම පෙන්නුවා – සනත් ජයසූරිය

ශ්‍රී ලංකාවේ ආක්‍රමණිකශීලි ක්‍රිකට් සන්නාමය පැතුම් නිස්සංක නැවත ලෝකයටම ප්‍රදර්ශනය කළ බවත් එහිදී සිය ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමීම පිළිබඳව හදවතින්ම සතුටු වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක සහ හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා පැවසීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී ලකුණු 189 ක් රැස්කරමින් තමා සතුව තිබූ ඉහළම ලකුණු වාර්තාව පැතුම් බිඳ දැමූ ආකාරය ක්‍රීඩාංගනයේ සිටම නැරඹීමට ලැබීම භාග්‍යයක් ලෙස සලකන බවත් ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් හොඳින් පන්දු යැවුවත් පැතුම් මෙම පන්දු යැවීමට එරෙහිව ඉතාමත් සැහැල්ලුවෙන් සහ අවදානමක් ගෙන පහර දුන් බවත් සනත් ජයසූරිය මහතා කීය.

පැතුම් නිස්සංක ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී නොදැවී ලකුණු 210ක් රැස් කරමින් නව වාර්තාවක් පිහිටවීම පිළිබඳව අදහස් දක්වමින් සනත් ජයසූරිය මහතා එසේ පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *