වී සහතික මිල අද තීරණය කරයි

ගොවියාට සතුටු වියහැකි අයුරින් වී සඳහා අද (05දා) සහතික මිල තීරණය කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා ඊයේ (04දා) පැවසීය.

මේ වනවිට වී කිලෝවක් රුපියල් 95ක් 100ක් වැනි මිලකට අලෙවි වන බවත් අද තීරණය කරන මිල අනුව වී කිලෝවක මිල රුපියල් 105කට ඉහළින් පවතින බවත් ඔහු කීය. වී මිල ප්‍රකාශයට පත්කිරීම අද පෙරවරු 11.00ට කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිදුකරන බවත් ඔහු කීය.

එහිදී රතු නාඩු, සුදු නාඩු සහ සම්බා වී මිල තීරණය කරන බවත් පොහොර සහනාධාරය නැතිව නිෂ්පාදන පිරිවැය අනුව මිල නියම කරන බවත් පැවසූ නියෝජ්‍ය ඇමැතිවරයා නිෂ්පාදන වියදමට සියයට 30ක් එකතු කර වී මිල තීරණය කර ඇතැයි ද වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *