පිටකොටුව බස් නැවතුම්පොල වර්තමානයට ගැලපෙන ලෙස හදන්න තීරණය කරයි

පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීම හා වර්තමානයට ගැලපෙන ලෙස සංවර්ධනය කිරීම දැඩි කාලීන අවශ්‍යතාවයක් ලෙස හඳුනාගනු ලැබ තිබෙනවා. ඒ අනුව අදාළ නවීකරණ කටයුතු හා සංවර්ධනයන් සඳහා වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 425ක්.

ඒ සඳහා ‘Clean Sri Lanka’ වැඩසටහන සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන යොදා ගනිමින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඍජු ශ්‍රම දායකත්වය සහ කොළඹ මහ නගර සභාව, ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ අනෙකුත් ආයතනවල දායකත්වය සැපයෙනවා.

ඒ, අනුව පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ නවීකරණය හා සංවර්ධනය කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයයේ අනුමැතිය හිමි වුණා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *