කොටුව දුම්රිය ස්ථානය නවීකරණයට ටෙන්ඩර් කැඳවයි

කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව කොළඹ කොටුව දුමිරිය ස්ථානය නවීකරණය කිරීමට නියමිත බවයි වාර්තා වේ.

ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කළේ ඒ යටතේ කොටුව දුම්රිය ස්ථානය නවීන පහසුකම් සහිත දුම්රිය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවයි.

ඒ සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 1395ක් බවට වාර්තා වේ.

එම ව්‍යාපෘතිය මාස 15ක කාලසීමාවක් තුළ නිම කිරීමට අපේක්ෂා කරන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම ව්‍යාපෘතිය සඳහා මේ වන විට ටෙන්ඩර් කැඳවා ඇති අතර සංවර්ධන වැඩකටයුතු මේ වසර අවසානයේ ආරම්භ කිරීමටද නියමිතයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *