PHI මහත්වරු මරණ බයෙන් නිසා ප්‍රධාන පෙලේ ආහාර නිශ්පාදන ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වෙයි

ආහාර පනත උල්ලංඝනය කරමින් සිය වෙළඳ ව්‍යාපාර කටයුතුවල නිරත වන ඇතැම් ප්‍රධාන පෙළේ ආහාර   නිෂ්පාදන සහ අලෙවි ආයතනයන්ගේ හිමිකරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරිමට කනිෂ්ඨ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මැලිකමක් දක්වන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ  සංගමයේ සභාපති උපුල රෝහණ සඳහන් කරයි.

සංගමයේ භාණ්ඩාගාරිකව සිටි   කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා මෙවැනි නීති විරෝධී වැටලිම් දිගින් දිගටම ක්‍රියාත්මක කර නීතියේ රැහැනට වරදකරුවන් හසුකර දඩුවම් ලබා දිම හේතුවෙන් ඔහුව ඝාතනයට ලක්වන්නට ඇතැයි සංගමයේ කනිෂ්ඨ සාමාජිකයින්ගේ විශ්වාස වී ඇති ඇතැයි ද ඔහු පැවසුවේය.

කෙසේ නමුත් මෙම ඝාතකයා තවමත් සොයා ගැනීමට පොලිසිය අසමත් වූ බැවින් කණිෂ්ඨ සාමාජිකයනින් දෙගිඩියාවට පත්ව ඇතැයි සභාපතිවරයා පැවසුවේය.   

කෙසේ නමුත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ ජීවිතවලට එල්ල වී ය හැකි මරණීය තර්ජනය හේතුවෙන් එහි අවාසිය සෘජුව අත් විඳිමට සිදුවන්නේ පාරිභෝගික ජනතාවට බවත් ඔවුහු පෙන්වා දෙති.


ප්‍රධාන පෙළේ ආහාර නිෂ්පාදන සහ අලෙවි ආයතනයන හි සේවය කරන සේවකයින් බොහෝ දෙනෙකු බෝවන රෝගයන්ගෙන් පෙළෙන නමුත් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ කනිෂ්ඨ කණ්ඩායම් බිය පල කරන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ   සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *