පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමත් සමග පාස්කු ප්‍රහාරයේ බරපතල කරුණු රැසක් අනාවරණය වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමත් සමග පාස්කු ප්‍රහාරය පිළිබඳව බරපතළ කරුණු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අනාවරණය වී ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.

විශේෂයෙන් ම පාස්කු ප්‍රහාරය සම්බන්ධව පිල්ලෙයාන්ගේ මැදිහත් වීම පිළිබඳව සාක්ෂිකරුවන් කිහිපදෙනෙකු ඒ අනුව කරුණු රැසක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අනාවරණය කොට ඇති බව ද වාර්තා විය.

ඒ අනුව, පාස්කු ප්‍රහාරය සම්බන්ධව තවත් සාක්ෂිකරුවන් කිහිපදෙනකු ඉදිරියේදීත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සිය සාක්ෂි ලබා දීමට නියමිත බව වැඩිදුරට ත් වාර්තා වේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර 6ක් පිරීම අප්‍රේල් 21 දින සිදුවන අතර වත්මන් ආණ්ඩුව විසින් එම ප්‍රහාරය පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් අරඹා අලුතින් සාක්ෂි ගැනීම පසුගිය දිනවල ආරම්භ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *