පිල්ලෙයාන් ගම්මන්පිල ඉදිරියේ හඬා වැලපෙයි


නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය මෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හමු වී තමන් සාකච්ඡා කළ බව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

පැය භාගයක කාලයක් තමන්ට හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමඟ සාකච්ඡා කිරීමට මෙහිදී අවස්ථාව හිමිවූ බව උදය ගම්මන්පිල කියා සිටියා. එහිදී තමන් සිරමැදිරියක් තුළ ගෙවන වේදනාත්මක ජීවිතය පිළිබදව පිල්ලෙයාන් කරුණු පැහැදිලි කර ඇති අතර, ඇතැම් අවස්ථාවල පිල්ලෙයාන් කඳුලු‍ සලමින් හඬා වැටුණු බව ද නීතීඥ උදය ගම්මන්පිල පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *