මම පිල්ලෙයාන් හමු වීමට ගිය බව මාධ්‍යයට හෙළි කිරීමෙන් පෙනෙන්නේ පොලිසියේ විනය පිරිහී ඇති බවයි – ගම්මන්පිල

පිල්ලෙයාන් යනු ජාතික වීරයෙකු බව පුද්ගලයෙකු යැයි ගම්මන්පිල පවසයි.

නමුත් ඒ බව පිල්ලෙයාන්ට එරෙහිව සමාජ මාධ්‍යයේ ලියන දුවා දරුවන් නොදන්නා බව පවසන ගම්මන්පිල පිල්ලෙයාන් ඔහු උපන් මව්බිමට ඉටු කොට තිබෙන යුතුකම් රැසක් ද අනාවරණය කරයි.

පිල්ලෙයාන් සහ කරුණා කොටි සංවිධානයෙන් ඉවත් වන්නේ, එම සංවිධානයට අයත් හය දහසක පමණ පිරිසක් සමග බව ගම්මන්පිල පවසයි.

එමෙන්ම, 2006 වසරේ දී කොටි සංවිධානයට එරෙහිව හමුදාව දියත් කර තිබුණු මෙහෙයුම් සදහා කරුණා මෙන්ම පිල්ලෙයාන්ද සහභාගී වූ බව ගම්මන්පිල වැඩි දුරටත් පවසයි. ඒ හේතුවෙන් නැගෙනහිර පළාත ඉතා ඉක්මනින් කොටි ග්‍රහණයෙන් මුදා ගැනීමට අපට හැකි වූ බව ගම්මන්පිල පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *