පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත හැටි සජබයටත් ප්‍රශ්නයක් වෙයි

පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මිනිමැරුමක් සම්බන්ධයෙන් නම් ඔහුට
ත්‍රස්ත මර්දන පනතින් නැතිව රටේ නිතිය අනුව පියවර ගැනීමට තිබු බව සමගි ජන
බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.

සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ අද (17) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින්
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළා ….

“පාස්කු ප්‍රහාරයට වැරදිකරුවෙකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් තමයි
ආණ්ඩුව පෙන්වන්න උත්සහ කළේ.

නමුත් පිල්ලෙයාන් අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ මිනිමැරුමක් සම්බන්ධයෙන්.

ඒ වගේම ආණ්ඩුව ඉවත් කරන බව කියු ත්‍රස්ත මර්දන පනත යටතේ තමයි පිල්ලෙයාන්
අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ.

පිල්ලෙයාන්ගේ වරදක් තිබෙනවානම් ඔහුට දඩුවම් ලබාදිය යුතුයි. නමුත් ත්‍රස්ත මර්දන පනතින්
නැතිව රටේ නිතිය අනුව ඔහුව අත්අඩංගුවට ගන්න තිබුණා.

ඒ වගේම පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් නිතිය හමුවට ගෙන ආ යුතුයි.

පාස්කු ප්‍රහාරය විකුණලා තමයි ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණියේත් , අනුර දිසානායකත්
බලය ගත්තේත් .

පාස්කු ප්‍රහාරය සිදුකළ පිරිස් නිතිය හමුවට ගෙන එනවා කියලා ජනතාවට පොරොන්දුවක්
ලබා දුන්නා

කාඩිනල් හිමියන් පවා විශ්වාස කළා අනුර දිසානායක මහත්තයා ජනාධිපති වුණාට පසු පාස්කු
ප්‍රහාරයට සාධාරයක් ඉටු කරයි කියලා.

ඒ නිසා වර්තමාන ආණ්ඩුව පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටු කළ යුතුයි.

කෙසේ නමුත් ආණ්ඩුව ඔවුන්ගේ නොහැකියාව , අසමත්භාවය , අකාර්යක්ෂමභාවය වසා ගැනිමට
තවමත් පරණ බොරු වලින් ජනතාව මුලාවට පත් කරන්න උත්සහ ගනිමින් සිටිනවා.

ඒ නිසා ගෙවුණ මාස 6 ක කාලය තුළ අසාර්ථක ආණ්ඩුවක් තමයි අපිට පෙනෙන්න තිබෙන්නේ.

ආණ්ඩුයේ අසාර්ථකභාවයේ ප්‍රතිඵල ඉදිරියේ එන පළාත් පාලන මැතිවරණයෙන් දැනෙයි කියලා
දැනිලා තිබෙනවා. ඒ නිසා අපහාස උපහාස මර්දනය හරහා ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය
දිනන්න උත්සහ කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *