දුර ගමන් බස්වල අනතුරු අඩු කරන්න AI කැමරා සවි කිරීමේ නියමු ව්‍යාපෘතිය අරඹයි

දුර ගමන් බස් රථවල අනතුරු අවම කිරීමේ අරමුණින් නව ව්‍යාපෘතියක් සකසා තිබේ. පෞද්ගලික අංශය මැදිහත්වීමෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාවට නැංවේ.

ඒ යටතේ ලංගම හා පෞද්ගලික බස් රථවලට AI කැමරා පද්ධති හතළිහක් සවි කෙරේ. ඒවායෙන් රියදුරුගේ හැසිරීම නිරීක්‍ෂණය කර රියදුරු දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගැනේ.

රියදුරුගේ වෙහෙසකාරී තත්ත්ව සහ නින්දයාම, ඇස් පියවීම ආදිය නිරීක්ෂණයට නව කැමරා පද්ධතියට හැකියාව තිබේ. ඊට අමතරව මාර්ග නීති පිළිපැදීම සහ බඳ පටි පැළඳ සිටීම ආදිය නිරීක්ෂණය කර රියදුරන් වෙත සංඥා නිකුත් කිරීමද මෙම පද්ධතිය මගින් සිදු කෙරේ. බස් රථ කළමනාකරණයට ද එය පහසුවකි.

නියමු ව්‍යාපෘතියෙහි පළමු අදියර කතරගම ඩිපෝවේදී ප්‍රවාහන , මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරිණ. එහිදී දුර ගමන් බස් රථ කිහිපයකට AI කැමරා පද්ධති සවි කෙරිණ.

අමාත්‍යවරයා ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවක ද නිරතවිය.

image 4 Iri News
image 3 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *