මට පිස්තෝල ඕනේ, මගේ ජීවිතේ අනතුරේ – දිලිප් වෙදආරච්චි

තම ජීවිතයට කිනම් හෝ අනතුරක් සිදුවුවහොත් එහි වගකීම කතානායකවරයා ආරක්ෂක ලේකම්වරයා මෙන්ම වර්තමාන රජය ඊට වගකිවයුතු යැයි හම්බන්තොට දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී ඔහු ඉල්ලා සිටියේ මන්ත්‍රීවරුන්ගෙන් ලබාගත් ගිනි අවි නැවත ඔවුන්ට ආපසු ලබා දෙන ලෙසය.

අයවැය දෙවැනි වර කිරීමේ විවාදයට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

‘අපේ ගිනි අවි රජය බාරයට ගත්තා. මම ලක්ෂ අටක් දිලා ඒ අවි දෙක ගත්තේ ජීවිත දේපළ ආරක්ෂාවට.

අපේ ආරක්ෂාව ඉවත් කරලා තියෙන්නේ.

මගේ ජිවිතයට ප්‍රශ්නයක් වුණොත් කතානායකතුමා වග කියන්න ඕනෑ. ආරක්ෂක ලේකම්තුමා වග කියන්න ඕනෑ. මේ රජය වග තියන්න ඕනෑ.

ගම්වල පාතාලය ළඟ තියෙන ආයුධ තවම අත්අඩංගුවට ගන්නෙ නෑ. අපේ අනෙකුත් මන්ත්‍රීවරුන්ටත් ගිනි අවි දෙන්න.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාතාල මැරවරයන් ඉන්නවා. ආරක්ෂාව ඉල්ලුවා.

කතානායකතුමා ලිපිය පොලිස්පතිතුමාට යැව්වා. අද වෙනතුරු ආරක්‍ෂාව ලබා දී නෑ’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *