හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිතා කළ රේන්ජ් රෝවර් රථය මිලදී ගැනීම, කොළඹ හතෙන් නිවසක් මිලදී ගැනීම සහ බැංකු අටක පවත්වාගෙන යන ගිනුම් 19 ක් හරහා කෝටි ගණනක මුදල් ගනුදෙනු සිදු කිරීම ආදී කරුණු මත පදනම් ව, ප්රවීණ නිරූපන ශිල්පිනී පියුමී හංසමාලිට එරෙහිව විමර්ශන ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව, මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය මගින්, පියුමීට අයත් බැංකු ගිණුම් පිළිබද විස්තර ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දී තිබේ.
මගෙන් රටට නමැති සංවිධානයේ සභාපති සංජය මහවත්ත යන අය කරන ලද පැමිණිල්ලකට අනුව පියුමී හංසමාලිට එරෙහිව මෙම විමර්ශන කටයුත-ු සිද්ධ වෙයි