මියන්මාර රජයේ ආපදා ආධාර තොගයක් රැගත් ගුවන් යානය කටුනායකට

මියන්මාර රජය විසින් මෙරටට ලබා දුන් ආපදා ආධාර තොගයක් සහ එරට නියෝජිත පිරිසක් රැගත් විශේෂ එරට ගුවන් හමුදා ගුවන් යානයක් මධ්‍යම රාත්‍රී කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණ තිබුණි .
එම ගුවන් යානය තුළ සනීපාරක්ෂක ද්‍රව්‍ය , ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් තිබුණි .

මෙම මියන්මාර ගුවන් හමුදාවට අයත් වයි .- 8 ගුවන් යානය 12/06 දින රාත්‍රී 11.30 ට කටුනායක ගුවන් හමුදා කදවුර වෙත ගොඩබස්වනු ලැබීය . මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනිය මාර්ලා තාන් ටයික්( Marla Than Htaik )  මහත්මිය , එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් ෂෝ ෆියෝ වින් ( Zaw Phyo Win ) සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ .


Leave a Reply

Your email address will not be published. Required fields are marked *