ගස්වලට ආයෝජන තහනම් – මහ බැංකුව කියයි

ශාක රෝපණය සඳහා අයෝජනය කර ඉතා විශාල මුදලක් උපයා ගත හැකි බවට ප්‍රචාරය කරන ආයෝජන නීතියෙන් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම විය හැකි බවට ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට අනතුරු අඟවයි.

මෙවැනි වංචාකාරී දැන්වීම්වලට (ප්‍රචාරයන්ට) හසු වී තම සේසත නැති කර නොගන්නා ලෙසද මහ බැංකුව මහජනයාට අවවාද කර සිටී.

මේවා ප්‍රචාරය කරන්නේ ‘ආයෝජන’ යම් නාමයෙන් බවත් ඒවා තහනම් පිරමීඩ යෝජනා ක්‍රම වීමට ඉඩ ඇති නිසා ඒවාට අසු නොවන ලෙසත් මහ බැංකුව මහජනයාට දැනුම් දී සිටී.

ගස්වල අයෝජනය කරන ලෙස ප්‍රචාරය කරන සමාගම් මහ බැංකුවේ නාමය පවා යොදා ගනිමින් මේ ප්‍රචාරයන් කිරීම ගැන ද මහ බැංකුවට පැමිණිලි ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් මහ බැංකුවේ අදාළ අංශවලින් පරීක්ෂණ සිදු කෙරෙමින් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *