උසස් පෙළට ඉහළ ලකුණු ගත් සිසුන්ට රජයේ වියදමින් ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලවල පුහුණුව – අගමැතිනිය කියයි

උසස් පෙළ විභාගයෙන් ඉතාමත්ම ඉහළ ලකුණු ගන්නා සිසුන්, රජයේ වියදමින් ලෝකයේ ඇති හොඳම විශ්ව විද්‍යාලවලට යවා, රටට අවශ්‍ය වන නිශ්චිත ක්ෂේත්‍ර සඳහා පුහුණුව ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරන බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඒ අනුව, අනාගතයේදී ඔවුන් ඒ නිශ්චිත සේවාවන් තම රටට ලබා දිය යුතුය යන අරමුණ සමඟ මෙම කටයුත්ත සිදු කරන බවයි අද (04) පාර්ලිමේන්තුවේදී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අගමැතිවරිය සඳහන් කළේ.

මෙහිදී එම සිසුන් සමඟ ගිවිසුමකට පැමිණීමෙන් අනතුරුව ඔවුන් විදේශ ඉගෙනුම් සඳහා යැවීමට පියවර ගන්නා බවයි අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *