පොල්ගහවෙල සහ මහව අතර කොටසේ ද්විත්ව දුම්රිය මාර්ගයක් හදන්න තීරණය කරයි

උතුරු දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල සහ මහව අතර කොටස ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ ඉඳිපොළගේ මහතා සඳහන් කළේ, එහි පළමු අදියර යටතේ පොල්ගහවෙල සහ කුරුණෑගල අතර කොටස ද්විත්ව මාර්ගයක් බවට පත් කරන බවයි.

දුම්රිය ප්‍රමාදය මඟ හරවා, ගමනාගමනය කාර්යක්ෂම කිරීමේ අරමුණින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව, ඔහු සඳහන් කළේ ය.

උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය, නිරන්තරයෙන් ප්‍රමාද වන්නේ, දෙපසට ගමන් කිරීමේදී එක් දුම්රියක්, දුම්රිය ස්ථානයක නතර කර තැබීමට සිදුවීම හේතුවෙනි.

මේ වනවිට ද්විත්ව දුම්රිය මාර්ග ඉදිකර ඇත්තේ, කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *