අධිකරණයට අපහාස කළ දයාසිරි ඇතුළු පිරිසකට විරුද්ධව පොලිසියට පැමිණිල්ලක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ලබා දී තිබෙන නඩු තීන්දුව මත පදනම්ව, අධිකරණය සහ එකී නඩු තීන්දුව ලබා දුන් විනිසුරුවරිය විවේචනය වන ආකාරයේ අදහස් පළ කිරීමක් සිදු කළ, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු කිහිප දෙනෙකුට එරෙහිව, නීතීඥ නලින් සම්පත් කුමාර නමැති අය පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

හිටපු ජනාධිපතිවරයාට ඇප ලබා නොදීම අධිකරණයේ තීන්දුවක් වී තිබිය දී, අධිකරණ තීන්දුව පැලවත්තෙන් මෙහෙයවා ඇති බව හැගී යන ආකාරයේ ප්‍රකාශ, දයාසිරි ඇ-ුළු එම පිරිස සිදුකර ඇති බවයි පැමිණිල්ල ඉදිරිපත් කරන නීතීඥවරයා පවසන්නේ.

හිටපු ජනාධිපතිවරයා සිදුකර තිබෙන ආකාරයේ වරදක් සිදු කළ පළමු පුද්ගලයා ඔහු නොවන බව පවසන නීතීඥවරයා, එවැනි වරදකට මීට පෙර ලබා දී තිබෙන තීන්දු අනුව මෙහිදී ද කටයුතු කර තිබෙන බැවින්, එය වැරැද්දක් වන්නේ කෙසේද කියා අසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *