පෙම්වතා අමනාප වූ නිසා පොලිස් පෙම්වතිය අධි මාත්‍රාවෙන් ඖෂධ පානය කරයි

පල්ලෙවෙල පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරියක් අධි මාත්‍රාවෙන් ඖෂධ පානය කිරීම නිසා රෝහල් ගත කර තිබෙනවා.

ඇය මෙලෙස සිදු කර ඇත්තේ සිය පෙම්වතා සමඟ අමනාප වීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන්නේ ප්‍රභූ ආරක්ෂක අංශයක සේවයේ නියුතු කොස්තාපල්වරයෙකු සමඟ ඇය ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පල්ලෙවෙල පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *