දන්ත ධාතූන් වහන්සේගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයට එක් කිරීම ගැන පොලිස් පරික්ෂණ අරඹයි

සිරි දළදා වන්දනාවේදී ලබාගත්, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වීම පිළිබඳව පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා සඳහන් කළේ, එම ඡායාරූපය ලබා ගත් කාලය නිර්ණය කිරීම සඳහා මූලික විමර්ශන ක්‍රියාත්මක බවයි.

අවශ්‍යතාව මත ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය ලබාගන්නා බව ද, වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ ය.

සිරි දළදා වන්දනාවේදී ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ඡායාරූප ගතකිරීම සහ වීඩියෝ කිරීම, සම්පූර්ණයෙන් තහනම්ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *