ගමේ මිනිස්සු දැන් කතා කරන්නේවත් නැහැ – NPP මන්ත්‍රීට පහර දුන් පොලිස් නිලධාරියා කියයි

ගමේ මිනිස්සු දැන් කතා කරන්නේවත් නැහැ, බිරිඳට කුලී වැඩකටවත් යන්න බැහැ යනුවෙන් ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්මකුමාර මහතාට පහර දුන් පොලිස් නිලධාරියා සදහන් කරයි.

මේ පවතින තත්ත්වය සමඟ ජීවත්වීමේ ගැටලුවක් පවතින බවත් එක් එක් යුටියුබ් නාලිකාවලින් තමන්ට මඩ ගසන බවද අදාළ පොලිස් නිලධාරියා කියා සිටියි.

තමන් වසර 24ක් පමණ සේවය කළ පොලිස් නිලධාරියෙක් බවත් නැවත තමන්ගේ රැකියාව ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *