අධික වේගයෙන් ගමන් කළ පොලිස් ත්‍රිරෝද රථය ගුවනින් කලපුවට යයි

යාපනය කෝපායි පොලීසියේ නිලධාරීන් පිරිසක්    කරමින් සිටි ත්‍රී රෝද රථයක් වේගය පාලනය කර ගත නොහැකිව යාපනයේ පන්නෙයි ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන  කලපුවට පෙරළී ගොස් තිබේ. 

ඊයේ (13) මෙම අනතුර සිදුවී ඇත්තේ අධික වේගයෙන් රථය ධාවනය වීම නිසා බව හෙළි වී ඇත.   

අනතුරෙන් පුද්ගල හානි නොමැති නමුත් ත්‍රී රෝද රථයට හානි සිදුව තිබේ. 

පසුව ප්‍රදේශවාසීන් විසින් පාරේ ගමන් කරමින් තිබූ ටැක්ටරයක් නවතා   ටැක්ටරයේ  ආධාරයෙන් කලපුවට පෙරලී ගොස් තිබූ ත්‍රී රෝද රථය ගොඩ ගෙන ඇත. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *