දේශපාලනයෙන් ඉහළට ගිය ලංගම රියැදුරන්, කොන්දොස්තරවරුන් යළි බස්වලටම යවයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්දොස්තර හා රියැදුරන් ලෙස සේවයට බැඳුණු ඇතැම් පුද්ගලයන් පසුගිය පාලන කාලවලදී නුසුදුසු ආකාරයට ඩිපෝවල ඉහළ තනතුරුවලට පත්කර ඇති අතර එසේ පසුගිය වසර 5 තුළ එම තනතුරුවලට පත්කළ පුද්ගලයන් නැවත කලින් සිටි තනතුරුවලට ම ස්ථාපිත කළ බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.

ඔහු මේ බව පැවසුවේ, පාර්ලිමේන්තුවේදී ය.

ඔහු සඳහන් කළේ, මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ චෝදනා ලැබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් 1000කට අධික ප්‍රමාණයකට මේ වන විට විනය ක්‍රියාමාර්ග සිදුකෙරෙමින් පවතින බව ය.

ලාභ නොලබන තත්ත්වයේ පවතින ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු ඩිපෝ 55ක් ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතුව ඩිපෝ අතරින් ඩිපෝ 54ක් ලාභ ලබන තත්ත්වයේ ඒවා බව ද ඔහු සඳහන් කළේ ය.

අමාත්‍යවරයා වැඩිදුරට ත් පැවසුවේ, ගමනාගමන මණ්ඩලය සතුව බස් රථ 7137ක් තිබුණ ද ඉන් ධාවනයට යෙදවිය හැකි තත්ත්වයේ ඇත්තේ බස් රථ 5137ක් පමණක් බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *