පුජිත් සහ හේමසිරිට එරෙහි පාස්කු නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ගොනු කර ඇති නඩුවේ විත්තියේ සාක්ෂි ලබන 26 වන දා ඉදිරිපත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

  • TAGS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *