ජනගහනය වැඩි කරන්න හොදලු – ආයේ කොන්ඩම් භාවිතා කරල ඉවරයි

ආයෝජන ප්‍රවර්ධන හා තාක්ෂණ වැය ශීර්ෂය යටතේ අද (12) පාර්ලිමේන්තුවේ විවාදයට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර වැට් වදින භාණ්ඩ පිළිබඳව අදහස් දැක්වීමක් සිදු කළා.

එහිදී ඔහු සඳහන් කර සිටියේ කොන්ඩම් සඳහා වැට් බද්දක් පැනවීම එක් පැත්තකින් ‍යහපත් විය හැකි බවයි.

ඉන් ජනගහනය වර්ධනය වීම හරහා මිනිස් සම්පත වර්ධනය වී ඉදිරි අනාගතයේදී රට දියුණු කළ හැකි බවයි ඔහු සඳහන් කර සිටියේ.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර,
”මොකද මේ අපේ රටේ ජනගහනයේ වර්ධනයේ පොඩි ප්‍රමාදයක් තියෙනවා. බාධාවක් තියෙනවානේ.. දැන් අර මොකක්ද බෙහෙත් වට්ටෝරුවක් නොවන ඖෂධමය දේවල් ගද්දි, වැට් එක වදිනවා. දැන් බෙහෙත් වට්ටෝරුවක් ඕන නැහැනේ පෙනඩෝල් එකට. එතකොට පෙනඩෝල්වලට වැට් එක වදිනවා. ඒ වගේම වදිනවා කොන්ඩම් එකටත් වැට් එක. ඉතින් කොන්ඩම් පාවිච්චිය අඩු වීම එක පැත්තකින් හොඳ වෙන්න පුලුවන්. මොකද අඩුම ගානේ ජනගහනයවත් වර්ධන වෙයි. ඒ නිසා වැට් එක ගහලා තියෙන්නේ එක දෙයක් විතරයි හොඳ. ඇත්තටම කොන්ඩම් එකට වැට් එක ගහපු එක හොඳයි. අනිත් ඒවගේ සේරගේම ජනතාවට කෙලවෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා ජනතාවගේ ජනගහනයේ වර්ධනය වීම හරහා අඩුම ගානේ අපේ රටේ මිනිස් සම්පතවත් වැඩි වෙලා ඉදිරි අනාගතයේදී හරි රට දියුණු කරන්න පුළුවන්. ඒ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *