පෝර්ට් සිටි සුපිරි වෙළදසැලක් රු. 70ක පානීය ජල බෝතලයක් රු. 200කට අලෙවි කළාට ලක්ෂ 05 දඩයක් ගහයි

රුපියල් 70ක් වටිනා පානීය ජල බෝතලයක් රුපියල් 200කට අලෙවි කිරීමට එරෙහිව රුපියල් 500,000ක දඩයක් නියම කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (20) මෙම දඩය නියම කරනු ලැබුවා.

මෙම දඩය නියම කර ඇත්තේ පෝට් සිටි වෙරළ තීරයේ පිහිටි පෞද්ගලික ආයතනයකටයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදු කළ වැටලීමකින් පසුව මෙම නඩුව ගොනුකර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *