අද තැපැල් සේවකයන්ට ගමට යන්න බැරි තත්ත්වයක් පරිපාලකයන් විසින් ඇති කරලා – තැපැල් වෘත්තීය සමිති

තැපැල් සේවකයන් වර්ජනය කරන්නේ ඇඟිලි සලකුණු සහ අතිකාල දීමනා වෙනුවෙන් බවට සාවද්‍ය ප්‍රකාශයන් සිදු කිරීම නිසා, අද වන විට තැපැල් සේවකයන්ට ගමට යාමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව සමස්ත ලංකා තැපැල් වෘත්තීය සමිති සේවක සංගමය පවසනවා.

ඒ අනුව, එසේ තිබියදී වර්ජනය අත්හැර සේවයට වාර්තා කරන ලෙස ඔවුන් ප්‍රකාශ කරන්නේ කෙසේදැයි ප්‍රශ්න සහගත වන බවයි එහි ප්‍රධාන ලේකම් සරත් ශාන්තප්‍රිය සඳහන් කළේ.

එසේම, අමාත්‍යවරයාට අඩියක් පසුපසට ගැනීමට නොහැකි නම්, ජනාධිපතිවරයාට හෝ මැදිහත් වී තමන් ඉල්ලා සිටින්නේ කුමක්දැයි සාකච්ඡා කළ හැකි බවයි වෘත්තීය සමිති වැඩිදුරටත් පවසා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *