හෙට සිට ෆින්ගර් ප්‍රින්ට් වැ​ඩ – තැපැල් සේවකයින් වර්ජනය අත් හරියි

තැපැල් සේවකයන් විසින් දියත් කර තිබුණු වැඩ වර්ජනය අවසන් කර ඇති බව වාර්තා වේ.

විෂය භාර අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකට පසුව ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව, අද සවස හතරේ සිට යළි රාජකාරියට වාර්තා කරන ලබ තැපැල් සේවකයෝ පවසති.

එමෙන්ම, වැඩ වර්ජනයට එක් හේතුවක් වී තිබුණු ඇගිලි සලකුණු යන්ත්‍රි සවි කිරීමට දැක් වූ විරෝධය සේවකයන් විසින් ඉවත්කරගෙන ඇති අතර, හෙට සිට ඇගිලි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *