අර්ධ සුඛෝ­ප­භෝගි බස් රථ සේවාව කඩිනමින් අත්හි­ටු­වී­මට පිය­වර ගන්නවා – නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන

අර්ධ සුඛෝ­ප­භෝගි බස් රථ සේවාව අත්හි­ටු­වීම සඳහා කඩි­න­මින් පිය­වර ගන්නා බව ප්‍රවා­හන හා මහා­මාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණ­සේන මහතා පව­සයි.

මින් ඉදි­රි­යට මෙරට මගී ප්‍රවා­හ­නය සඳහා බස් රථ­ව­ලට අව­ස්ථාව ලැබෙන්නේ සාමාන්‍ය හා සුඛෝ­ප­භෝගි කාණ්ඩ දෙක යටතේ පම­ණක් බව ද ඒ මහතා කීය. බහු­විධ ප්‍රවා­හන මධ්‍ය­ස්ථා­නය සම්බ­න්ධ­යෙන් මහ­නු­වර පැවැති සාක­ච්ඡා­ව­කින් පසු මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මින් නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා මෙසේ ද පැව­සු­වේය.

“මින් ඉදි­රි­යට බස් රථ ආන­ය­නය කරන්න අව­ස්ථාව ලැබෙන්නේ කාණ්ඩ තුනක් යටතේ පම­ණයි. ස්ටෑන්ඩඩ්, ඩිලක්ස් හා ලක්ෂරි කියන කාණ්ඩ තුන ඔස්සේ පම­ණක් බස් රථ ආන­ය­නය කිරී­මට සැල­සුම් කර තිබෙන අතර ඊට අදාළ නීති කඩි­න­මින් හඳුන්වා දෙනවා. ඒ වගේම සාමාන්‍ය හා සුඛෝ­ප­භෝගි බස් රථ සඳහා පම­ණක් මගී ප්‍රවා­හ­න­යට අව­සර හිමි වන අතර අර්ධ සුඛෝ­ප­භෝගි සේවාව අහෝසි කරන්න කට­යුතු කර­නවා. මේ අනුව ඉදි­රි­යේදී බස්වල ප්‍රවේ­ශ­පත්‍ර වටි­නා­කම් පැවැ­තිය හැක්කේ දෙකක් පම­ණයි.

මගී ප්‍රවා­හ­නය සඳහා ලබා­දෙන මාර්ග බල­පත්‍ර විකි­ණීම හේතු­වෙන් මේ වන විට එම බල­පත්‍ර බොහො­ම­යක් තිබෙන්නේ මුල් හිමි­කරු සතුව නෙවෙයි. මෙම තත්ත්වය හේතු­වෙන් මතුව තිබෙන අර්බුද මඟ­හ­රවා ගැනී­මට බල­පත්‍ර අයි­තිය නීත්‍ය­නු­කූ­ලව මාරු­කි­රී­මට අව­ස්ථාව ලබා දෙනවා. මොකද මේ වන විට බොහෝ බස් රථ­වල මගී ප්‍රවා­හන මාර්ග බල­ප­ත්‍රය තිබෙන්නේ මුල් හිමි­කරු සතුව නෙවෙයි. එය අතින් අතට යෑම නිසා ගුණා­ත්මක මගී සේවා­වක් සඳහා අවශ්‍ය නව බස් රථ මාර්ග­ව­ලට එකතු කිරී­මත් ගැට­ලු­වක් වී තිබෙ­නවා.

ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ හා කාර්යාල බස් නියා­ම­න­යට අව­ශ්‍යය නීති කඩි­න­මින් ගැසට් කිරී­මට පිය­වර ගනි­මින් සිටි­නවා. අපේ රටේ ප්‍රවා­හන ක්ෂේත්‍රය පව­තින්නේ එත­රම් යහ­පත් තත්ත්ව­යක නෙවෙයි. පව­තින තත්ත්ව­යෙන් එය නඟා­සි­ටු­වී­මට වැඩ­පි­ළි­වෙළ කිහි­ප­යක්ම ක්‍රියා­ත්ම­කයි. ත්‍රීවීල්, පාසල් ළම­යින් ප්‍රවා­හ­නය කරන බස් රථ හා කාර්යාල බස් රථ නියා­ම­නය කිරීමේ බලය ජාතික ගම­නා­ග­මන කොමි­ෂන් සභා­වට ලබා ගනි­මින් පනත් සංශෝ­ධ­න­යක් පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කර සම්මත කර­ගත්තා.

මේ නියා­ම­නය සඳහා අවශ්‍ය පිරි­වි­තර සියල්ල සකස් කර­මින් තිබෙ­නවා. පාසල් සිසුන් ප්‍රවා­හ­නය කරන බස් රථ නියා­ම­නය කරන්න පිරි­වි­තර සකස් කළා. ඒ සම්බ­න්ධ­යෙන් පාසල් සිසුන් ප්‍රවා­හ­නය කරන බස් රථ හිමි­යන් පව­ත්වා­ගෙන යන වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළා. කාර්යාල සේවක ප්‍රවා­හන බස් රථ සම්බ­න්ධ­යෙන් ද පිරි­වි­තර සකස් කළා.

ත්‍රිරෝද රථ සහෝ­ද­ර­යන් සමඟ මේ සම්බ­න්ධව සාකච්ඡා කළ යුතුයි. මූලික කරුණු සම්බ­න්ධ­යෙන් සියලු දෙනා එක­ඟ­තා­ව­කට පැමිණ තිබෙ­නවා. මෙය පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කර සම්මත කර­ගැ­නී­මෙන් පසු ගැසට් කිරීම ඔස්සේ නීති­යක් බවට පත් කර­නවා. ඉන්පසු අපට පුළු­වන් ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවා­හ­නය කරන බස් රථ හා කාර්යාල බස් රථ නියා­ම­නය කරන්න.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *