ආණ්ඩුවේ ප්‍රබල දේශපාලයෙකු වන ප්‍රසන්න රණවීර පෙරේදා (14) අලුයම් කාලයේ දී කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ දී කලහකාරී ලෙස හැසිරී තිබෙන මාධ්‍ය වාර්තා කර තිබේ.
එසේ හැසිරුණු රාජ්‍ය අමාත්‍යවරයා ගුවන් මගීන්ගේ ගමන් මලු එහා මෙහා රැගෙන යන සේවකයෙකුගේ (පෝටර්වරයෙකුට) පහර දී ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුට බැන තර්ජනය කර ඇති බවත් වාර්තා වනවා.
අමාත්‍යවරයාගේ බිරිඳ ඇතුළු කිහිප දෙනෙක් විදෙස් සංචාරයකට යෑම සඳහා කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇති අතර ඔවුන් ඇරලවීමට ඔහු ආරක්ෂකයින් සමඟ ගුවන්තොටුපළට පැමිණ තිබූ අවස්තාවේ දී මෙම සිදුවීම සිදුව ඇති අතර එම අවස්ථාවේ දී ආරක්ෂකයන් ගිනි අවිවලින් සන්නද්ධව සිටි නිසා ඒවා රැගෙන යාමට ඉඩ දිය නොහැකි බව ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් දැනුම් දී ඇති බව සඳහන්.
මේ අතර අමාත්‍යවරයා ගුවන් තොටුපල සේවකයාට කණේ පාරක් දුන් බව ද අද පිළිගනු ලැබීය.