ඉතිහාසයේ පළමුවරට පෙර පාසල් ගුරුවරුන්ටත් විශ්‍රාම වැටුපක් ලබා දීමට තීරණය කරයි

ඉතිහාසයේ පළමු වතාවට පෙර පාසල් ගුරුවරුන් සදහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වා දීම සඳහා වූ යෝජනාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශය සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය ඒකාබද්ධව මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කෙරේ.

නව සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පෙර පාසල් ගුරු සමුළුවට එක් වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව සඳහන් කලේ පෙර පාසල් ගුරුවරුන්ට සමෘද්ධි බැංකුව හරහා ණය ලබා දීමේ පලමු වැඩසටහන ආරම්භ කරමිනි.

මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා සහ නව සන්ධානයේ පෙර පාසල් ගුරු සංගමයේ සභාපති අසංග ශ්‍රීනාත් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *