දරුවා ප්‍රසූතකරන අවස්ථාවේදී සූතිකාගාරය තුළ පියාටද රැඳී සිටීමේ අවස්ථාවක් ලබාදීමේ වැඩ පිළිවෙලක් මේ ව විට කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහල තුළ ක්‍රියාත්මක කර ඇතැයි රෝහල් අධ්‍යක්ෂ අජිත් දන්තනාරායන සඳහන් කරයි.
සූතිකාගාරය තුළ පියාව රඳවා ගැනීමේ වැඩපිළිවෙල රජයේ රෝහලක් තුළ ප්‍රථම වරට ක්‍රියාත්මක කරනු ලැබුවේ කාසල් රෝහලේ බව අධ්‍යක්ෂවරයා පවසා සිටියි.රසූතිකාගාරයේ එක් එක් මවට වෙන් වෙන් වශයෙන් කාමර නිමවා ඇති අතර තම බිරිය දරුවා ප්‍රසූතකරන අවස්ථාවේදී ඒ අසල ස්වාමියාට රැදි සිටීමට අවසර ලබා දීමේ වැඩ පිළිවෙළ මගින් යහපත් මානසිකත්වයකින් මවට දරුවා ප්‍රසූත කළ හැකි බව විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු වී රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය දන්තනාරායන පැවසුවේය.
තවද දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගතවන අවස්ථාවේදීම එම මවට ඇඳක් වෙන්කර දීමේ වැඩපිළිවෙළක්ද මේ වන විට රෝහල තුළ ක්‍රියාත්මක කර ඇති බවත් ඒ අනුව එම මව වාට්ටුවට ඇතුළත් වූ පසුව තමාට හිමි ඇඳ කල් ඇතිව දැන ගැනීමේ හැකියාව මේ අනුව හිමිවනු ඇත.
මීට අමතරව සායනවලට පැමිණෙන සියලුම මව්වරුන්ට උදෑසන කොළකැඳ වීදුරුවක් ලබා දීමේ වැඩ පිළිවෙළද රෝහල තුළ ක්‍රියාත්මක කර ඇතැයි අධ්‍යක්ෂවරයා පැවසුවේය.